රජරට සරසවියේ අධ්‍යන කටයුතු හෙට සිට යළි ඇරඹේ

රජරට සරසවියේ අධ්‍යන කටයුතු හෙට සිට යළි ඇරඹේ

by Staff writer 30-09-2018 | 7:43 AM

COLOMBO (News 1st) - නියඟය හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට සිට යළි ආරම්භ කෙරේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ, කළමනාකරණ, තාක්ෂණික සහ ව්‍යවහාරික විද්‍යා පීඨවල අධ්‍යයන කටයුතු යළි ආරම්භ වන බවයි. ඊට අමතරව සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය විභාග කටයුතු සඳහා හෙට යළි විවෘත වනු ඇති. නේවාසිකාරගාර පහසුකම් ඇති සිසුන්ට අද පස්වරු 4.00 ට පෙර නේවාසිකාගාරවලට පැමිණෙන්නැයි පාලනාධිකාරිය දැනුම් දෙනු ඇත.