by Staff writer 30-09-2018 | 2:07 PM
COLOMBO (News 1st) - මැදවච්චිය, බූඔය යුද හමුදා කඳවුරේ සේවය කළ හමුදා සෙබලෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, වායු සමීකරණ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීමට යාමේදී මෙම අනතුර සිදු ව ඇති බවයි.
විදුලිසැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ඔහු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය සඳහන් කළේ ය.
මියගොස් ඇත්තේ කොටිගල, බූස්ස පදිංචි 21 හැවිරිදි හමුදා සෙබලෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත වේ.