පොලිස්පතිගේ ස්කොට්ලන්ත සංචාරය කල් දැමේ

පොලිස්පතිගේ ස්කොට්ලන්ත සංචාරය කල් දැමේ

by Staff writer 30-09-2018 | 6:25 PM
COLOMBO (News 1st) : පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ස්කොට්ලන්ත සංචාරය කල් දැමීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ, එම සංචාරය ලබා දිය යුතු ඉදිරි දින වකවානු මෙතෙක් තීරණය කර නොමැති බවයි. එම සංචාරය සඳහා සහභාගී වන අනෙක් නිලධාරීන් කවුරුන් ද යන්න සම්බන්ධයෙන් ද, අවසන් තීරණයක් ගෙන නොමැති බව ද, ලේකම්වරයා පැවසී ය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරිමට නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පසුගිය දා තීරණයක් ගනු ලැබී ය. ඒ අනුව ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණේ පසුගිය පසුගිය 20 වනදායි. ඊට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් ඇතුළත් වෙති. අදාළ කමිටුව පොලිස්පතිවරයා පිළිබඳව පසුගිය දා මාධ්‍ය මගින් පළවු කරුණු කෙරෙහි අවදානය යොමුකිරීමට නියමිත අතර පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පසුගිය 28 වනදා එම කමිටුව හමුවේ විශේෂ ප්‍රකාශයක් ද ලබා දුන්නේ ය. https://www.youtube.com/watch?v=AWiuNktmSFk