ජා-ඇල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට

ජා-ඇල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට

by Sagarika Chathumali 30-09-2018 | 3:08 PM
COLOMBO (News 1st) : ජා-ඇල, වැලිගම්පිටියේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් රථයකින් යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, 40 හැවිරිදි ජා -ඇල වැලිකුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, පස් ජාවාරමක් සම්බන්ධ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ත් වෙනත් පුද්ගලයෙකු ඉලක්ක කර එල්ල කර තැබූ වෙඩි ප්‍රහාරය එලෙස අදාළ කාන්තාව දෙසට එල්ල වී ඇති බවයි. වෙඩි තැබීම සිදුවන විට එම කාන්තාව සමග ඇයගේ 8 හැවිරිදි දියණිය ද සිට ඇති අතර කොසේ වෙතත් වෙඩි තැබීමෙන් දැරියට කිසිදු හානියක් සිදුව නොමැති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන්, ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොමු කර තිබේ. https://www.youtube.com/watch?v=6DaCjymH_rE