'ට්‍රමී' නිසා ජපානයේ ගුවන් ගමන් 937 ක් අවලංගුයි

ජපානයේ අභ්‍යන්තර ගුවන් ගමන් 937 ක් අවලංගු වෙයි

by Staff writer 30-09-2018 | 9:23 AM

ජපානයේ අභ්‍යන්තර ගුවන් ගමන් 937 ක් අවලංගු කර තිබේ.

ඒ, ට්‍රමී සුළි කුණාටුවේ බලපෑමත් සමගයි. මේ අතර කන්සායි ගුවන්තොටුපොළ ද අද පෙරවරුවේ සිට හෙට උදෑසන 6.00 දක්වා වසා තැබෙනු ඇති. ට්‍රමී සුළි කුණාටුව, අමාමි සහ ඔකිනාවා දූපත් ආශ්‍රිත වෙරළ තීරයෙන් හෙට රට තුළට ඇතුලු වනු ඇති බවට කාලගුණ බලධාරීන් පුරෝකතනය කර ඇත. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සමග තද සුළං පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.