ජපන් යුද නෞකා 2ක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපන් යුද නෞකා 2ක් කොළඹ වරායට සේන්දු වෙයි

by Staff writer 30-09-2018 | 5:54 PM
COLOMBO (News 1st) : ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වී තිබේ. නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේ, සුහද සංචාරයක් සඳහා නෞකා දෙක දිවයිනට පැමිණ ඇති බවයි. මෙරටට ළඟා වූ එක් නෞකාවක් හෙළිකොප්ටර් ප්‍රවාහනය කිරීමේ හැකියාවෙන් යුක්ත අතර එය මීටර් 248 දිගකින් යුක්ත ය. එම නෞකාවේ නාවිකයින් 400 දෙනෙකුට ගමන් කළ හැකි බව ද නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේ ය. දිගින් මීටර් 151ක් වන අනෙක් නෞකාවේ ගමන් කළ හැකි නාවිකයින් පිරිස 170කි. ලබන මස 4 වන දා දක්වා මෙම නෞකා දෙක මෙරට රැඳී සිටීමට නියමිතයි. ඡායාරූප : ශ්‍රී ලංකා නාවික හමුදාව