කොස්ගොඩදී වෑන් රථයක් වෙළඳසලකට කඩා වදී

කොස්ගොඩදී වෑන් රථයක් වෙළඳසලකට කඩා වදී

by Staff writer 30-09-2018 | 10:22 PM
COLOMBO (News 1st) : කොස්ගොඩ නගරයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ. කොස්ගොඩ නගරාසන්නයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරු පැදියක ගැටීමෙන් අනතුරුව අසල තිබූ වෙළඳසලකට කඩා වැදී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවක් හා වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර වෑන් රථයේ ගමන් ගත් පිරිස පයාගල පදිංචිකරුවන් බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. ඔවුන් විනෝද චාරිකාවක් නිම කර යළි පයාගල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. යතුරු පැදියේ සිට තුවාල ලැබූ කාන්තාව කොස්ගොඩ ප්‍රදේශයේම පදිංචිකාරිනියකි.