ඉන්දියාව පරදා විශ්වවිද්‍යාල ලෝක ශූරතාවලිය ලංකාවට

ඉන්දියාව පරදා විශ්වවිද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාව ලංකාවට

by Staff writer 30-09-2018 | 11:11 AM

6 වැනි විශ්වවිද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ව්‍යාපාර කළමනාකරණ පාසල සමත් විය.

ඒ අවසන් මහා තරගයේදී ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලය කඩුලු 4 කින් පරාජය කරමිනි. තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. කාසිය වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 211 කි. මුර්ටෂා ශබීර් ලකුණු 76 ක් රැස් කළ අතර යශ් නාහර් ලකුණු 45 ක් රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳි සිටි දිව්‍යාංග් හින්ගෙකර් ලකුණු 46 යි. අනතුරුව ලකුණු 212 ක දැවැන්ත ඉලක්කයක් සඳහා පිටියිට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජයග්‍රාහී ඉලක්කය පසුකලේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවි තිබියදී ය. දිනෙත් තිමෝද්‍ය ලකුණු 54 ක් රැස් කළ අතර සුපේශල ජයතිලක ලකුණු 29 ක් රැස් කළේ ය. හෂාන් දුමිදු ලකුණු 28 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳි සිටි රනිත ලිවනාරච්චි ලකුණු 26 යි. කෙෂාන් ධනුෂ්ක ලකුණු 21 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී රොෂාන් දම්ලේ ලකුණු 30 ට කඩුලු 4 ක් දවා ගෙන ඇත. තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ දිනෙත් තිමෝද්‍ය හිමිකර ගත්තේ ය.