අද මැදියම් රැයේ සිට දුම්රිය ගාස්තු ත් ඉහළට

අද මැදියම් රැයේ සිට දුම්රිය ගාස්තු ත් ඉහළට

by Staff writer 30-09-2018 | 4:33 PM
COLOMBO(News 1st ) : අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු 15% කින් ඉහළ යන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය වාණිජ අධිකාරි ඒන්.ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ, නව ගාස්තු සංශෝධනය යටතේ අවම ගාස්තුව වන රුපියල් 10 කිසිදු වෙනසක් සිදු නොවන බවයි. නමුත්, අවම ගාස්තුව සඳහා වන දුර කිලෝ මීටර් 09 සිට කිලෝ මීටර් 07 දක්වා සීමා කර තිබේ. මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය වන්නේ 2008 වසරෙන් පසුවයි. මේ අතර දුම්රිය ආසන වෙන්කිරීමේ ගාස්තු නොවැම්බර් පළමු වනදා සිට 20% ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. එහි සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය ගාස්තු ඉහළ දැමීමත්, සමග ආසන වෙන් කිරීමේ ගාස්තු ද ඉහළ යන බවයි. පැරණි මිල ගණන් යටතේ මුද්‍රණය කර ඇති දුම්රිය ප්‍රවේශ පත්‍රවල නව මිල සටහන් කිරීමට හෙට සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අවස්ථාව ලබා දී තිබේ. නව මිල සහිත ප්‍රවේශ පත්‍ර මුද්‍රණය අවසන් වනතුරු එම අවසරය ලබාදෙනු ඇති. පැරණි මිල ගණන් යටතේ නිකුත් කෙරෙන ප්‍රවේශ පත්‍රවල නිල අංක, අද රාත්‍රීයෙන් පසු අවසන් කර විගණන කටයුතු සඳහා ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.