English
தமிழ்
කර්තෘ Hashini De Mel
30 Sep, 2018 | 6:29 am
1. අධික වැස්සෙන් අකුරණ නගරය ජලයෙන් යට වෙයි: ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළේ ය.
ඊයේ පස්වරුවේ ඇද හැළුණු තද වැසි සමග අකුරණ හා බදුල්ල ස්ථාන කිහිපයක්ම ජලයෙන් යට විය.
ඇද හැළුණු වැසි සමග අකුරණ නගරය මේ වන විට ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.
2.අගමැතිගේ කතාව කෙසේ වෙතත් ක්රියාවේ විපාකවල තරම…: වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීම අද සිදු කෙරිණි.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
3. වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා වන අලියෙකුට අත්වූ ඉරණම: අනුරාධපුර රඹැවෙළේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු මුදා ගැනීමට වනජීවී නිලධාරීන් මීට දින 4 කට පෙර සමත් විය.
වන අලියා මුදා ගැනීමෙන් අනතුරුව ඔහු පළවා හැරීමට වනජීවී නිලධාරීන් එල්ල කරන අලි වෙඩිල්ලක් වන අලියා සිය හොඬයෙන් කට තුළට දමා ගැනීමට උත්සහ කිරීම හේතුවෙන් එම වන අලියා තුවාල ලබා තිබේ.
4. රුපියල වෙනුවෙන් අද රෑ මෙහෙයුමක්…: රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීම සඳහා ආණ්ඩුව ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ.
මේ අනුව වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ය.
5. විදුලි ගාස්තුවටත් ළඟදීම මිල සූත්‍රයක්: පසුගියදා නිකුත් කෙරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ප්රකාශනයක සටහන් වන්නේ, විදුලි ගාස්තු සඳහා ද මිල සූත්‍රයක් ඇති කළ යුතු බව ය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍යයට පැවසුවේ, විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් ඇති කිරීමට විශේෂ කමිටුවක් ඉදිරියේදී පත් කිරීමට බලාපොරොත්තු වන බව ය.
6. ඉන්දුනීසාවේ ඇති වූ භූ චලනයෙන් හා සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384 දක්වා ඉහළට: ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයින ආශ්‍රිතව සිදු වූ භූ චලන සහ සුනාමියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුලාවේසි දුපතේ පලු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි.
7. තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට: ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කරමින් හත්වන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ, අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමිනි.
18 Feb, 2019 | 11:06 AM
18 Feb, 2019 | 06:25 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS