Facebook ගිණුම් මිලියන 50 ක් අනාරක්ෂිතයි

Facebook ගිණුම් මිලියන 50 ක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවට අනාවරණයක්

by Staff writer 29-09-2018 | 8:09 AM

Facebook ගිණුම් මිලියන 50 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජනයක් මතුවී ඇති බව අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් සැක මතුවීමෙන් පසුව Facebook සමාගමේ ඉංජිනේරු අංශය සිදු කළ අධ්‍යයනයකදී මේ බව තහවුරු වූ බවයි. එම තත්ත්වය මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව Facebook සමාගම සඳහන් කළේ ය. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් පළ කරමින් Facebook සමාගමේ ප්‍රධානි මාක් සකබර්ග් පවසා ඇත්තේ, කොතරම් ගිණුම් ප්‍රමාණයක් අවභාවිත වී ඇති ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට Facebook සමාගම පියවර ගෙන තිබේ. මේ වනවිට ලොව පුරා බිලියන 2 කට ආසන්න පිරිසක් Facebook සමාජ ජාලය භාවිත කරන බව සඳහන් ය. අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපැම් කිරීම, කේම්බ්‍ර්ජ් ඇනලටිකා සිදුවීම ඇතුලු කරුණු හේතුවෙන් පසුගිය කාල සීමාව තුළ ‍Facebook සමාගමේ විශ්වසනියත්වය බිඳවැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන් අනාවරණය වී ඇත්තේ Facebook ගිණුම් මිලියන 50 ක් පමණ හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීමේ අවදානමක් පවතින බවයි. Facebook සමාගම විසින් සිය ගිණුම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ පසු විපරමකදී මේ බව තහවුරු විය.