2018 ඡන්ද හිමි ලේඛනයේ අභියාචනා විභාගය අදින් අවසන්

2018 ඡන්ද හිමි ලේඛනයේ අභියාචනා විභාගය අදින් අවසන්

2018 ඡන්ද හිමි ලේඛනයේ අභියාචනා විභාගය අදින් අවසන්

කර්තෘ Staff writer

29 Sep, 2018 | 12:10 pm

COLOMBO (News 1st) – 2018 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා පිළිබඳ විමර්ශන අදින් අවසන් වන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී එම විමර්ශන සිදු කෙරෙනු ඇති.

ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවීම, වැරදියට නම් සඳහන්වීම ඇතුළු ගැටලු කිහිපයක් පදනම් කර ගනිමින් එම අභියාචනා ඉදිරිපත් කර තිබුණි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ලබන මස 25 වන දා 2018 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමට නියමිත බවයි.