වසරේ ගත වූ කාලය තුළ මැලේරියා රෝගින් 35 වාර්තා වේ

වසරේ ගත වූ කාලය තුළ මැලේරියා රෝගින් 35 වාර්තා වේ

by Staff writer 29-09-2018 | 10:51 AM

COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලය තුළ මැලේරියා රෝගින් 35 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ අතරින් විදෙස්ගත ව පැමිණි ලාංකිකයින් 11 දෙනෙකු සහ විදේශීය පුද්ගලයින් 24 දෙනෙකු වන බවයි. දකුණු සූඩාන, මැඩගස්කර්, ඉතියෝපියානු සහ උගණ්ඩා ජාතිකයින් අතර මැලේරියා රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති අතර විදේශිය මැලේරියා රෝගීන් වැඩිම පිරිස ලෙස ඉන්දියානු රෝගීන් 15 දෙනෙකු හඳුනාගෙන ඇත. මේ වන විට මෙම රෝගීන් අතරින් වැඩි පිරිසක් කොළඹ කළුතර සහ මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්වලින් වාර්තා වී අති බව ද වෛද්‍යවරයා සඳහන් කළේ ය.