by Staff writer 29-09-2018 | 3:30 PM
COLOMBO (News 1st) - පහර දීමක් හේතුවෙන් පොතුවිල් පොලීසියේ ස්ථානාධිපතිවරයා රෝහල්ගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, පොතුවිල් මුරුසාන ප්රදේශයේ පැවැති ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කළ ගල් ප්රහාරයකින් ස්ථානාධිපතිවරයා තුවාල ලබා ඇති බව ය.
ප්රහාරයෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අම්පාර රෝහලට මාරු කර යවා තිබේ.
ඊයේ අලුයම 2.00ට පමණ සිද්ධිය වූ ස්ථානයට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් ඇති අතර පහර දීම සිදු කළේ කවුරුන්ද යන්න මේ වන විටත් තහවුරු වී නොමැත.