කටුනායක ගුවන්තොටුපොළ සේවක වර්ජනය අවසන්

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින්ගේ හදිසි වැඩ වර්ජනය අවසන්

by Staff writer 29-09-2018 | 6:52 AM

COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් ඊයේ රාත්‍රීයේ පැයක පමණ කාලයක් වැඩ වර්ජනයක නිරත විය.

ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති එම්. ඩබ්ලිව්. බී. මුහන්දිරම් මහතා පැවසුවේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ගුවන්තොටුපොළ සේවිකාවක් රේගු භාරයට ගැනීමට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව ය. අදාළ ගුවන්තොටුපොළ සේවිකාව මුදාහැරීමෙන් පසු වර්ජනය අවසන් කළ බව ද ඔහු පැවසුවේ ය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගුව සඳහන් කළේ, සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව ගුවන්තොටුපොළ සේවිකාවකගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. ගුවන්තොටුපොළ ප්‍රධානීන්ගේ අනුදැනුම ඇතිව එම ප්‍රකාශය සටහන් කරගත් බව රේගුව සඳහන් කළේ ය.