විදුලි ගාස්තුවටත් ළඟදීම මිල සූත්‍රයක්

විදුලි ගාස්තුවටත් ළඟදීම මිල සූත්‍රයක්

by Staff writer 29-09-2018 | 7:04 PM
COLOMBO (News 1st) - තෙල් මිල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කළ මිල සූත්‍රය නිසා දැන් සෑම මසකම ඉන්ධන මිල සංශෝධනය කෙරේ. එනම් පසුගිය මාස කිහිපයේම ඉන්ධන මිල ඉහළ ගියේ ය. මේ අතර පසුගියදා නිකුත් කෙරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ප්‍රකාශනයක සටහන් වන්නේ, විදුලි ගාස්තු සඳහා ද මිල සූත්‍රයක් ඇති කළ යුතු බව ය. මේ පිළිබඳව අද මාතර බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍යයට අදහස් දැක්වුවේ ය. මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් ඇති කිරීමට විශේෂ කමිටුවක් ඉදිරියේදී පත් කිරීමට බලාපොරොත්තු වන බව ය.