ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Hashini De Mel

29 Sep, 2018 | 6:42 am

COLOMBO (News 1st) 

1. “මන්ත්‍රීවරු සහ සියලුම දෙනා මේ සුඛෝපභෝගී වාහන පිටරටින් ගෙන්වන එක නැවැත්විය යුතුයි” – මංගල සමරවීර: ජනතාව විසින් ආනයනය කරන ලද සුඛෝපභෝගී දේ මිලදී ගැනීම නතර කර ජාතික ආර්ථිකය සුරැකීමට කටයුතු කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේ ය.

2. SAITM වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇරඹේ: සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ.

වෛද්‍ය සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව එම තීරණය ගත් බවයි.

3. ගෝඨාභය රාජපක්ෂගේ අතුරු තහනම් නියෝගය දිර්ඝ කෙරේ: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවරා ඇති නඩුවෙහි සාක්ෂි විභාගය වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 05 වන දා දක්වා දිර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කර තිබේ.

4. ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවා සතුව තිබූ සටහන් පොත්වල අත් අකුරු ඔහුගේ නොවන බවට තහවුරු වෙයි: ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර තිබේ.

මේ අනුව මෙහොමඩ් කමර් නිසාම්ඩීන් මෙම ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය.

විදෙස් පුවත්

5. ඉන්දුනිසියාවේ සුනාමි තත්ත්වයක්: ලංකාවට බලපෑමක් නැහැ: ඉන්දුනිසියාවේ සුලාවේසී දිවයින ආශ්‍රිතව ඇති වූ මැග්නිටියුඩ් ඒකක 7.7 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයෙන් අනතුරුව සුනාමි තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.