ඉන්දුනීසාවේ වූ භූ චලනයෙන් හා සුනාමියෙන් 384ක් මරුට

ඉන්දුනීසාවේ ඇති වූ භූ චලනයෙන් හා සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384 දක්වා ඉහළට

by Staff writer 29-09-2018 | 11:25 AM

UPDATE: ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයින ආශ්‍රිතව ඊයේ සිදු වූ භූ චලන සහ සුනාමියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 384 දක්වා ඉහළට

--------------------------------------------------------------------------------------------------------------------

ඉන්දුනිසියාවේ, සුලාවේසි දුපත් ආශ්‍රිතව ඇති වූ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය පිරිස 48 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුලාවේසි දුපතේ පලු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි. පවුල් ලක්ෂ 3 කට අධික පිරිසකට විදුලි බලය ඇණහිට ඇති අතර සියලුම සන්නිවේදන සබඳතා බිඳ වැටි ඇති බව සඳහන් ය. ඊයේ පස්වරුවේ ඉන්දුනිසියාවේ, සුලාවේසි දුපත් ආශ්‍රිතව මැග්නිටියුට් ඒකක 7.5 ක සහ 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයන් කිහිපයක් ඇති විණි. මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම පැය කිහිපයකට පසුව ඉවත් කර ගැනීමට එරට කාලගුණ බලධාරීන් පියවර ගෙන තිබේ.