ලයිබිරියාවේ එසේ වුවත් ලංකාවේ එසේ නොවන්නේ මන් ද?

ලයිබිරියාවේ එසේ වුවත් ශ්‍රී ලංකාවේ එසේ නොවන්නේ මන් ද?

by Staff writer 28-09-2018 | 6:17 PM

හිටපු මහ බැංකු නිලධාරීන් 30 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට ලයිබිරියානු අධිකරණය අද නියෝග කර තිබේ.

ඒ, එරට මහ බැංකුව සතුව පැවැති ඩොලර් මිලියන 104 ක මුදලක් අතුරුදහන් වීමේ සිදුවීමකට අදාළ පරීක්ෂණවලට අදාළවයි. අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර ලයිබිරියානු මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වන මිල්ටන් වික්ස් සහ එරට හිටපු ජනාධිපති පුත්‍රයා වන චාර්ලිස් සර්ලි‍ෆ් ද ඇතුළත් ය. ලයිබිරියාවේ එසේ වුවත් ශ්‍රී ලංකාවේ එසේ නොවන්නේ මන් ද?