by Staff writer 28-09-2018 | 2:00 PM
COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීම හමුවේ ඩීසල් ලීටරයකින් හා පෙට්‍රල් ලීටරයකින් ලබන අලාභය මේ වන විට ඉහළ ගොස් තිබේ.
ඒ අනුව පෙට්‍රල් ලීටරයකින් ලබන අලාභය රුපියල් 12ක් දක්වාත්, ඩීසල් ලීටරයකින් ලබන අලාභය රුපියල් 18ක් දක්වාත් වැඩි වී ඇතැයි ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළ විමසීමකදී එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, පාඩු ලබමින් වුවද කිසිදු හිඟයකින් තොරව තෙල් සැපයීමට පියවර ගෙන ඇති බව ය.