ව්‍යාජ මුදල් නෝට්ටු සමග තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 5000 හොර නෝට්ටු 465 ක් සමග සැකකරුවන් තිදෙනෙකු කන්තලේදී අත්අඩංගුවට

by Staff writer 28-09-2018 | 4:40 PM

COLOMBO (News 1st) - ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කන්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයේ කන්තලේ, තඹලගමුව ප්‍රදේශයේ 96 ස්ථානයේ සිදු කළ වාහන සෝදිසියකදී මෙම ව්‍යාජ නෝට්ටු තොගය හමුවී තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, රුපියල් 5000 නෝට්ටු 465 ක් එහි තිබූ බවයි. ව්‍යාජ මුදල්වල මුළු වටිනාකම රුපියල් 23 ලක්ෂ 25 දහසක් වනු ඇත. සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ, මාතර සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තඹලගමුව පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.