ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවා සතුව තිබූ සටහන් පොත්වල අත් අකුරු ඔහුගේ නොවන බවට තහවුරු වෙයි

by Staff writer 28-09-2018 | 8:25 AM
COLOMBO (News 1st) - ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර තිබේ. මේ අනුව මෙහොමඩ් කමර් නිසාම්ඩීන් මෙම ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ශ්‍රී ලාංකික සිසුවා පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, මැල්කම් ටර්න්ඩුල් සහ ජූලි බිෂොප් වැනි ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු ඔහු සතුව තිබූ සටහන් පොත්වල ඇතුළත්ව තිබූ බවට චෝදනා කරමිනි.