ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

28 Sep, 2018 | 7:02 am

COLOMBO (News 1st)

1. මානුෂීය මෙහෙයුමේ අවසන් සති දෙක තුළ රට තුළ ඇතිව තිබූ තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නිව් යෝර්ක් නුවරදී අදහස් පළ කළේ ය.

2. අභියාචනාධිකරණය දුන් ඇප කොන්දේසි අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ ඇප මත මුදා හැරිණි.

3. නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ උත්සහයක් ඇතැයි අනාවරණයක් කළ දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ මෙහෙයුම් නාමල් කුමාර මහතා ඊට අදාළ දුරකතන සංවාද තමන් සතුව නොමැති බව හෙළි කළේ ය.

4. බත්, ආප්ප, තේ ඇතුළු ආහාර පාන කිහිපයක මිල ඊයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

5. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

විදෙස් පුවත්

6. චීනය, අමෙරිකාවේ පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට ප්‍රයත්න දරණ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.