ඉන්දුනිසියාවේ සුනාමි තත්ත්වයක්:ලංකාවට බලපෑමක් නැහැ

ඉන්දුනිසියාවේ සුනාමි තත්ත්වයක්: ලංකාවට බලපෑමක් නැහැ

by Staff writer 28-09-2018 | 7:45 PM

ඉන්දුනිසියාවේ සුලාවේසී දිවයින ආශ්‍රිතව ඇති වූ මැග්නිටියුඩ් ඒකක 7.7 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයෙන් අනතුරුව සුනාමි තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

ඉන්දුනිසියානු භූ විද්‍යා නියෝජිත ආයතනය මේ බව තහවුරු කර ඇතැයි ආර්. ටී පුවත් සේවය අනාවරණය කළේ ය. ජංගම දුරකතනයක් මගින් ලබාගත් වීඩියෝවක දැක්වූයේ මුහුදු රළ ගොඩබිම ප්‍රදේශයකට ඇතුලු වන ආකාරයයි. මේ වනවිට ඉන්දුනියාවේ සුලාවේසි දිවයින ආශ්‍රිතව නිකුත් කර තිබු සුනාමි අනතුරු ඇඟවීමද ඉවත් කර ඇත. ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.