රාගමදී දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

රාගමදී දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට, දෙදෙනෙකුට තුවාල

by Staff writer 27-09-2018 | 10:09 AM

COLOMBO (News 1st) - මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 8.10 ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේදී ඔවුන් මෙම අනතුරට ලක් ව ඇති බවයි. දුම්රිය ආරක්ෂිත ගේට්ටු වසා අවදානම් සංඥා දැල්වෙමින් තිබියදී ඔවුන් දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අනතුරින් තුවාල ලැබු දෙදෙනා මේ වනවිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති. මියගිය දෙදෙනාගේ සිරුරු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.