බත්, ආප්ප, තේ මිල ඉහළට

බත්, ආප්ප, තේ මිල ඉහළට: ආපන ශාලා හිමියන් පාලන මිලක් ඉල්ලයි

by Staff writer 27-09-2018 | 7:13 PM
COLOMBO (News 1st) - බත්, ආප්ප, තේ ඇතුළු ආහාර පාන කිහිපයක මිල අද සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, බත් පැකට්ටුවක මිල රුපියල් 140 දක්වාත්, ප්ලේන්ටියක මිල රුපියල් 20ක් දක්වාත්, ආප්පයක මිල රුපියල් 15 දක්වාත් ඉහළ දැමූ බව ය. මේ වන විට දිවයින පුරා පවතින ආපන ශාලා ගණන ලක්ෂ 5කි. එම ආපන ශාලාවල ආහාර පාන අලෙවි වන්නේ විවිධ මිල ගණන් යටතේ ය. මේ හේතුවෙන් ඒ සඳහා පාලන මිලක් පනවන්නැයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රජයෙන් ඉල්ලීමක් කළේ ය.