රජරට සරසවියේ පීඨ 3ක් ලබන සඳුදා සිට විවෘත කෙරේ

නියඟය හේතුවෙන් වසා දැමුණු රජරට සරසවියේ පීඨ 3ක් ලබන සඳුදා සිට විවෘත කෙරේ

by Staff writer 27-09-2018 | 4:56 PM
COLOMBO (News 1st) - නියඟය හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ වේ. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ කළමනාකරණ, තාක්ෂණික සහ ව්‍යවහාරික විද්‍යා පීඨවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා යළි ආරම්භ වන බව ය. ඊට අමතරව සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, විභාග කටයුතු සඳහා ලබන සඳුදා යළි විවෘත වනු ඇති. නේවාසිකාගාර පහසුකම් ඇති සිසුන්ට ලබන 30 වන දා පස්වරු 4.00ට පෙර නේවාසිකාගාරවලට පැමිණෙන්නැයි පාලනාධිකාරිය දැනුම් දෙයි.