ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 27-09-2018 | 6:11 AM
1.ගෑස් මිල සිට ඉහළට: ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 195 කින් ඉහළ දමා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, ඒ සඳහා ගෑස් සමාගම්වලට අවසර ලබාදුන් බවයි. ඒ අනුව රුපියල් 1538 ක්ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 1733 ක් දක්වා ඉහළ යනු ඇති. 2. ට්‍රම්ප්ගෙන් ජනපති මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක්: එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි සියලු රාජ්‍ය නායකයින් වෙනුවෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. ඒ, නිව්යෝක් පැලස්හිදීයි. 3. රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක්: ගාල්ල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. 4. හෙරොයින් ළඟ තබා ගත් තරුණයාට මරණ දඬුවම: හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 41 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණ ඊයේ මරණ දඬුවම නියම කර තිබේ. 5. අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න ඉඩ දෙන්න, විදෙස් බලපෑම් අවශ්‍ය නැහැ – ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි: ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම සැසිය අමතමින් ජනාධිපතිවරයා රට තුළ ඇති ප්‍රශ්න විදෙස් බලපෑමකින් තොරව විසඳා ගැනීමට ඉඩ දෙන ලෙස ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කළේ ය. විදෙස් පුවත් 6. අමෙරිකානු ජනපතිගේ දේශනය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක නායකයින්ගේ සරදමට: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති හසන් රුහානි එකිනෙකා සරදමට ලක් කිරීම හමුවේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට කළ තර්ජනය හමුවේ ඉරාන ජනාධිපතිවරයා, ජනපති ට්‍රම්ප් බුද්ධිය මඳ වශයෙන් ඇති අයෙකු බව ප්‍රකාශ කළේ ය.