කේරළ ගංජා කිලෝ 28 ක් නාවික හමුදා භාරයට

කේරළ ගංජා කිලෝ 28 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

by Staff writer 27-09-2018 | 7:31 AM

COLOMBO (News 1st) - උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වේග ප්‍රහාරක යාත්‍රාව විසින් උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයේදී කන්කසන්තුරයට උතුරින් නාවික සැතපුම් 13 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමග පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා සැක කරන්නේ කුඩා යාත්‍රාවක් මගින් කේරළ ගංජා තොගය ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවයි. මෙම පුද්ගලයින් යාපනය ප්‍රදේශයේ පදිංචි 32 සහ 39 වන වියේ පසුවන පුද්ගලයින් වන අතර අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි පොලීසිය වෙත භාරදී තිබේ.