අයිස් සඳහා නව පාලන මිලක්...

අයිස් සඳහා නව පාලන මිලක්...

by Staff writer 27-09-2018 | 7:18 AM

COLOMBO (News 1st) - ධීවරයින් භාවිත කරන අයිස් හොන්ඩරයක් සඳහා රුපියල් 200 ක පාලන මිලක් පැනවීමට ධීවර දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

ඒ, ඩීසල් මිල ඉහළ ගොස් ඇති බව පවසමින් අයිස් හොන්ඩරයක මිල රුපියල් 30 - 70 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවට ධීවරයින්ගෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගනිමිනි. ධීවර වරායන් තුළ මීට පෙර අයිස් හොන්ඩරයක් රුපියල් 200 - 230 ත් අතර මිලකට අළෙවි වුවත් මේ වන විට එය රුපියල් 300 ක පමණ අගයක් දක්වා වැඩි වී ඇති බවට ධීවරයින් චෝදනා කරති. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවේ, ධීවරයින් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී අයිස් හොන්ඩරයක් සඳහා රුපියල් 200 ක පාලන මිලක් පැනවීම සඳහා එකඟතාවකට පැමිණි බව යි