අමෙරිකාවට කළ හැකි දේ ලංකාවට බැරි ඇයි?

අමෙරිකාවට කළ හැකි දේ ලංකාවට බැරි ඇයි?

by Staff writer 27-09-2018 | 9:48 PM
COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම රටට පැමිණෙන ආනයන සීමා කිරීමට තීරණය කර තිබේ. මේ අතර අමෙරිකාව චීනයෙන් ආනයනය කරන භණ්ඩ සඳහා ද විශේෂිත බදු ද පැනවීමට පියවර ගත්තේ ය. අමෙරිකාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 505ක භාණ්ඩ වාර්ෂිකව ආනයනය කරනු ලබයි. නවතම අධ්‍යයනයන් අනාවරණය කරන්නේ, අමෙරිකාව පැනවූ නව බදු හේතුවෙන් අමෙරිකාව චීන භාණ්ඩ මත අය කරන මුළු බදු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 250ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය. ඒ අනුව අමෙරිකාව චීන භාණ්ඩ මත 50%ක බදු අය කිරීමට යොමු වී තිබේ. මෙයින් පැහැදිලි වෙන්නේ අමෙරිකාව සිය රටේ රැකියා සුරක්ෂිත කරමින් කර්මාන්ත ද ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇති බව ය. මෙලෙස ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව මෙවැනි තීන්දු තීරණ ගනින්දී ශ්‍රී ලංකාව ද තම රැකියා කර්මාන්ත රැක ගැනීම වෙනුවෙන් මෙවැනි උපක්‍රමශීලී තීරණ ගත යුතු නොවේ ද? මේ අතර පසුගිය සති කිහිපය තුළ අපේ රටේ භාණ්ඩ හා සේවා ගණනාවක මිල ගණන් ඉහළ ගියේ ය. රටේ පොදු ජනතාවගේ ජීවන වියදම මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසා බැලීමක් මේ... නිව්ස්ෆස්ට් ෆේස්බුක් පිටුව හා නිල වෙබ් අඩවිය හරහා අද අප මහජනතාවගෙන් විමසා සිටියේ, රජයේ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබට විශ්වාසයක් ඇත්ද යන්නයි. එයින් 79%ක් නැත යන ප්‍රතිචාරය දක්වා තිබූ අතර 21%ක් ඇත යන ප්‍රතිචාරය දක්වා තිබිණි. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දමා තිබේ. ඊට සමගාමීව ආහාර ඇතුළු භාණ්ඩ හා සේවා ගණනාවක මිල ඉහළ යෑමට නියමිත ය. පසුගියදා කළ තෙල් මිල සං‍ශෝධනයට සමගාමීව බස් ගාස්තු, පාසල් වෑන් ගාස්තු ඇතුළු සේවා රැසක මිල ගණනන් ද ඉහළ දැමිණි මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින් තිබීම තුළ ආනයනික භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යමින් තිබේ.