වැලිකඩ හා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවලට STF ආරක්ෂාව

වැලිකඩ හා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවලට STF ආරක්ෂාව

වැලිකඩ හා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවලට STF ආරක්ෂාව

කර්තෘ Staff writer

27 Sep, 2018 | 11:52 am

COLOMBO (News 1st) – ලබන මස 01වන දා සිට වැලිකඩ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය පැවසුවේ, එම බන්ධනගාරවල රැඳවියන් හා පිටත පුද්ගලයින් සමග පවතින සබඳතා වැළැක්වීමට මේ පියවර ගන්නා බවයි.

ඒ අනුව අදාළ බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට විශේෂ කාර්ය බලකා සෙබළුන් යෙදවීමට නියමිත වේ.

මේ අතර නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් නීති විරෝධි ක්‍රියා පාලනය සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගන්නා බවයි.