යුද්ධයේ අවසන් සති දෙකේ රටේ සිදු වූ දේ...

යුද්ධයේ අවසන් සති දෙකේ රටේ සිදු වූ දේ ගැන ජනපති නිව් යෝර්ක්හිදී කතා කරයි

by Staff writer 27-09-2018 | 10:11 PM
COLOMBO (News 1st) - මානුෂීය මෙහෙයුමේ අවසන් සති දෙක තුළ රට තුළ ඇතිව තිබූ තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිව් යෝර්ක් නුවරදී අදහස් පළ කළේ ය. ඒ, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමු වූ අවස්ථාවේදී ය. අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්වතුන්, වෘත්තියවේදීන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හා ජනාධිපතිතුමා අතර විශේෂ හමුවක් නිව් යෝර්ක් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සිරගත කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේ ය.