ඇලෝසියස්ට හා පාලිසේනට ඇප අහිමි වෙයි

ඇලෝසියස්ට හා පාලිසේනට ඇප අහිමි වෙයි

by Staff writer 27-09-2018 | 5:11 PM
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී ය. මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති වන ජෙෆ්රී ජෝෂෆ් ඇලෝසියස් මහතාට මෙම මස 29 වන දා සිට ලබන මස 15 වන දා දක්වා සිංගප්පූරුවට යාමට මහේස්ත්‍රාත්වරිය අද අවසර දුන්නා ය.