හෙරොයින් ළඟ තබා ගත් තරුණයාට මරණ දඬුවම

හෙරොයින් ළඟ තබා ගත් තරුණයාට මරණ දඬුවම

by Staff writer 26-09-2018 | 3:20 PM
COLOMBO (News 1st) : හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 41 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණ අද මරණ දණ්ඩනය නියම කළේ ය. ඒ, විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. 2012 අගෝස්තු 21 වන දා ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි 23 හැවිරිදි විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණ. විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා දෙකම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එකී මරණ දඬුවම නියම කළේ ය.