මාතර පියෙකු සිය පුතුව ඝාතනය කිරීමට යෙදූ සැලසුම...

මාතර පියෙකු සිය පුතුව ඝාතනය කිරීමට යෙදූ සැලසුම...

by Staff writer 26-09-2018 | 11:06 AM
COLOMBO (News 1st) - මාතර වල්ගම ප්‍රදේශයේදී පියෙකු විසින් සිය පුත්‍රයා විදුලි සැර වැදීමට සලස්වා ඝාතනය කර තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, 29 හැවිරිදි වල්ගම ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර පැවති ආරවුලක් හේතුවෙන් තරුණයාට පියා විසින් ඊයේ රාත්‍රී 11.50ට පමණ විදුලි සැර වැදීමට සලස්වා ඇති බවට සැක කරන බව ය. මිය ගිය තරුණයාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය. https://www.youtube.com/watch?v=pd4pp_kZRkE