මහනුවර ලංගම ඩිපෝ 7ක සේවකයින් වැඩ වර්ජනයක

මහනුවර ලංගම ඩිපෝ 7ක සේවකයින් වැඩ වර්ජනයක

by Staff writer 26-09-2018 | 10:54 AM
COLOMBO (News 1st) - මහනුවර ප්‍රදේශයේ ලංගම ඩිපෝ කිහිපයක සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාරවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුරට පත් කිරීමට තීරණය කර ඇති නිලධාරියාට විරෝධය පළ කරමිනි. මධ්‍යම පළාත් වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු හේ.මු. බණ්ඩාර මහතා සඳහන් කළේ, වර්ජනය සඳහා ලංගම ඩිපෝ 7ක සේවකයින් එක්ව සිටින බව ය. මහනුවර දකුණ, යටිනුවර, වත්තේගම, දෙල්දෙණිය, උඩුදුම්බර හා මාතලේ ඩිපෝවල සේවකයෝ වැඩ වර්ජනයට එක්ව සිටිති. මේ පිළිබඳව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, වැඩ වර්ජනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ය.