ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-09-2018 | 7:22 AM
COLOMBO (News 1st) 1. ජනපතිගේ හා හිටපු ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාවට සැක කටයුතු ගැටලු ඇති කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට. 2. ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය. 3. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. 4. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අද වන විට භයානක තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 5. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම විදෙස් රටකට ලබා නොදිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යළි අවධාරණය කර තිබේ. ක්‍රීඩා පුවත් 6. ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් ඊයේ පිදුම් ලැබුවේ ය.