අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න ඉඩ දෙන්න - ජනපති

අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න ඉඩ දෙන්න, විදෙස් බලපෑම් අවශ්‍ය නැහැ - ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි

by Staff writer 26-09-2018 | 6:48 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන ප්‍රධාන සැසිය අමතමිනි. ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම ජනාධිපතිවරයා සැසිය ඇමතුවේ ය. මෙම සැසිය අමතමින් ජනාධිපතිවරයා රට තුළ ඇති ප්‍රශ්න විදෙස් බලපෑමකින් තොරව විසඳා ගැනීමට ඉඩ දෙන ලෙස ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ...