ට්‍රම්ප්ගෙන් ජනපති මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ජනපති මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක්

by Staff writer 26-09-2018 | 8:42 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි සියලු රාජ්‍ය නායකයින් වෙනුවෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. ඒ, නිව්යෝක් පැලස්හිදීයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඊට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එම මැතිනිය අමෙරිකානු ජනපතිවරයා සහ එම මැතිනිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් බවයි. අනතුරුව ජනාධිපතිවරුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.