ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

by Staff writer 26-09-2018 | 3:54 PM

COLOMBO (News 1st) : ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහළ දමා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, ඒ සඳහා ගෑස් සමාගම්වලට අවසර ලබාදුන් බවයි. සමාගම් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ එකඟතාව පළ කළේ ය. මිල තීරණය කිරීම, ජීවන වියදම් කමිටුවට පැවරුණු අතර ජීවන වියදම් කමිටුව තීරණය කළේ, රුපියල් 195 කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමටයි. ඒ අනුව රුපියල් 1538 ක්ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1733 ක් දක්වා ඉහළ යනු ඇති. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ, ප්‍රවාහන ගාස්තු පදනම් කර ගනිමින් දිස්ත්‍රික්ක වශයෙන් ගෑස් සිලින්ඩරයක මිල සුළු වශයෙන් සංශෝධනය වන බවයි. .