by Staff writer 25-09-2018 | 5:37 PM
COLOMBO (News 1st) - පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම විදෙස් රටකට ලබා නොදිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යළි අවධාරණය කර තිබේ.
ඒ 320 ගුවන් යානා ගොඩ බැස්විය හැකි තත්ත්වයට ගුවන් ධාවන පථය දීර්ඝ කොට ප්‍රතිසංස්කරණය කිරීමට දැනටමත් සිවිල් ගුවන් සේවා අධිකාරිය හා සංචාරක මණ්ඩලය අවශ්‍ය මුදල සපයා දීමට එකඟ වී ඇති බව අමාත්‍යවරයා අද පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ ය.
ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයන් නොපමාව සිදු කර ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුතු බව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දැනටමත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය ඒකාබද්ධ සංදේශයක් මගින් මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇති බව ය.
පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බව පසුගියදා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබූ අතර ඒ අනුව අමාත්‍යවරයා අද පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව ඉහත අදහස කළ කර තිබේ.