නියොමාල් රංගජීවට අභියාචනාධිකරණයෙන් ඇප

නියොමාල් රංගජීවට අභියාචනාධිකරණයෙන් ඇප

by Sagarika Chathumali 25-09-2018 | 11:08 AM
COLOMBO (News 1st) : 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇප මත මුදාහැරීමට අභියාචානාධිකරණය අද නියෝග කළේ ය. රංගජීව මහතාට විදෙස් ගමන් ද තහනම් කෙරිණ. අභියාචානාධිකරණය නියෝග කළේ, නියෝමාල් රංගජීව මහතා රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි. සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද රංගජීව මහතාට නියෝග කෙරිණ.