ජනපතිගේ ආරක්ෂාවට ගැටලු ඇති කළ අයෙක් අත්අඩංගුවට

ජනපතිගේ හා හිටපු ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාවට සැක කටයුතු ගැටලු ඇති කළ අයෙක් අත්අඩංගුවට

by Staff writer 25-09-2018 | 9:46 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වන ආකාරයේ දුරකතන සංවාද පිළිබඳව සිදු කළ අනාවරණයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද යළිත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, මෙම අනාවරණය කළ බව කියන දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ බව කියන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ය. මෙම පුද්ගලයා එම්. තෝමස් නමැත්තා ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුගෙන් ලබා ගත් ප්‍රකාශවලට අනුව ජනාධිපතිවරයාට අමතරව හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට ද බලපෑම් එල්ල විය හැකි බවට සැක කරන තොරතුරු අනාවරණය වී තිබේ. නමුත් මේ ප්‍රකාශ පිළිබඳව සැකකරු රඳවාගෙන තවදුරටත් විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ ය. මේ අතර දුරකතන සංවාදවලට අදාළ විමර්ශන සඳහා නාමල් කුමාර නමැත්තා හෙට පෙරවරුවේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද නියෝග කළේ ය.