අද ත් ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි

අද ත් ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි

by Sagarika Chathumali 25-09-2018 | 8:21 AM
COLOMBO (News 1st) : ගතවූ පැය කිහිපය තුළ මිලිමීටර් 79.4 ක් වූ වැඩිම වර්ෂාපතනය කොළඹින් වාර්තා වී තිබේ. බදුල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 45 .9 ක වර්ෂාපතනයක් ද යාපනයෙන් 33.2 ක වර්ෂාපතනයක් ද රත්මලාන ප්‍රදේශයෙන් මිලිමීටර් 30 .3 ක වර්ෂාපතනයක් ද ලැබි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි. ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි.