අක්කරෙයිපත්තුවේ මාරක අනතුරක්

අක්කරෙයිපත්තුවේ මාරක අනතුරක්: දැරියක ඇතුළු තිදෙනෙක් මරුට

by Staff writer 25-09-2018 | 10:07 AM
COLOMBO (News 1st) : පොතුවිල්, අක්කරපත්තු මාර්ගයේ කුඤ්ඤඕඩය පාලම අසලදී සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටි 12 හැවිරිදි දැරිය මියගොස් තිබේ. එම අනතුරින් ඊයේ ඇගේ මව සහ සහෝදරිය ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූහ. මාර්ගය හරහා ගමන් කරමින් සිටි එක ම පවුලේ මව, දියණියන් දෙදෙනෙකු හා පුත්‍රයෙකු ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු විය. ඔවුන් එලෙස ගැටී තිබුණේ, අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ මෝටර් රථයකයි. අනතුරින් තුවාල ලැබූ මව, දියණියන් දෙදෙනා සහ පුත්‍රයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මව සහ එක් දියණියක් ජීවිතකෟෂයට පත්වූහ. පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ 11 හැවිරිදි පුත්‍රයා අක්කරපත්තුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.