මාලදිවයින් ජනපතිවරණ ජය ඊබ්‍රහිම් සෝලිට

මාලදිවයින් ජනපතිවරණ ජය ඊබ්‍රහිම් සෝලිට

by Sagarika Chathumali 24-09-2018 | 11:05 AM
COLOMBO (News 1st) : මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජය ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කළේ ය. නිල නිවේදනයට අනුව සෝලි ඡන්ද 134616 ක් ලබා ගෙන තිබේ. ඡන්ද මාධ්‍යස්ථාන 472කදී 233877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර එය 89.22%ක ප්‍රතිශතයකි. මෙම ජයග්‍රණයත් සමග වසර 5 ක් බලයේ සිටි ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට සිය ධූරයෙන් නික්ම යාමට සිදුවනු ඇති.