ජනපතිවරණයෙන් තමා ජයගත් බව ඊබ්‍ර්හිම් මොහොමඩ් කියයි

මාලදිවයින් ජනපතිවරණයෙන් තමා ජයගත් බව ඊබ්‍ර්හිම් මොහොමඩ් කියයි

by Sagarika Chathumali 24-09-2018 | 7:15 AM
COLOMBO (News 1st) : මාලදිවයින් ජනාධිතිවරණ ඡන්ද ප්‍රතිඵලවලින් ජනතාවගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට නැවත වරක් අවස්ථාව උදා වී ඇති මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, නිව්ස් ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශක් නිකුත් කරමිනි. පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදීන් සිරගත කරමින් ප්‍රජාතන්තවාදි අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ගෙන ගිය පාලනය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව එක්වීමත් සමග මාලදිවයිනේ ප්‍රජාතන්තවාදය තහවුරුවී ඇති බව මින් සනාථ වේ. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵල අනුව තමන් ජයගත් බව එරට එක්සත් පොදු විපක්ෂයේ අපෙක්ෂක ඊබ්‍ර්හිම් මොහොමඩ් සොල්හි ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරණයේ ප්‍රතිවාදි අපෙක්ෂකයා වූ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමින්ට වඩා 16%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් මැතිවරණයේ ජය තහවුරු කරගෙන ඇති බවයි. කේසේ වෙතත් මාලදිවයින් මැතිවරණ කොමිසම මෙතෙක් කිසිදු නිල ජන්ද ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර නොමැත. එ අනුව මාලදිවයින් මැතිවරණ කොමිසම නිවේදනය කළේ, අවසන් නිල ජන්ද ප්‍රතිඵලය මෙ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.