තෙලිප්පලේ අනතුරකින් දෙහැවිරිදි දරුවෙක් මරුට

තෙලිප්පලේ අනතුරකින් දෙහැවිරිදි දරුවෙක් මරුට

by Staff writer 24-09-2018 | 12:20 PM
COLOMBO (News 1st) : තෙලිප්පලේ, කල්ලාරි මල්ලාකම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු දෙක හමාරක දරුවෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, නිවසේ නවතා තිබූ ට්‍රැක්ටරයක් හිමිකරු විසින් පිටුපසට ධාවනය කිරිමේදී කුඩා දරුවා එහි ගැටී ඇති බවයි. ඉන් බරපතළ තුවාල ලැබූ දරුවා තෙලිප්පෙලයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.