ජනපති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි

ජනපති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි

by Staff writer 24-09-2018 | 10:13 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව සංවිධානය වූ ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව මේ වනවිට අමෙරිකාවේ නිව්යෝර්ක් හිදි පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.15ට පමණ සමුළුව ඇමතුවේ ය. නෙල්සන් මැන්ඩෙලා ඡන්ම ශත සංවත්සරය වෙනුවෙන් මෙම සමුළුව සංවිධානය කර තිබේ. එහිදි ලෝක නායකයින් ගෝලිය සාමය ගොඩනැගීම, මානව හිමිකම් හා යුද ගැටුම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පවතින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ, නෙල්සන් මැන්ඩලා චරිතය ලෝක සංහිදියාවට මහත් රුකුලක් බවයි. එමෙන්ම අද ලෝක නායකයින් දෙස බැලීමේදී නෙල්සන් මැන්ඩලා තුළ පැවති ගුණාංග සහිත නායකයින් ඉතා අල්ප බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ, ලෝක නායකයින් නෙල්සන් මැන්ඩලා චරිතය අධ්‍යනය කරමින් ඔහුගෙන් ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන ගැනීමට කාලය එළඹ ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීමට නියමිත ය.